දැයෙන් සමුගන්නා පොඩි හාමුදුරුවන්ට ක්‍රිකට් කණ්ඩායම අවසන් ගෞරව දක්වයි

දැයෙන් සමුගන්නා හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානීස්සර නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය, පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන, පිතිකරු පුහුණුකරු තිළිණ කණ්ඩම්බි, ජෙහාන් මුබාරක් සහ නායක චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලයේ රැසක් නාහිමියන්ට ගෞරව දැක්වීමට පැමිණ සිටියා.

දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, කුසල් ජනිත්, ඒෂාන් මාලිංග, නිෂාන් මධුෂ්ක, ජනිත් ලියනගේ සහ මහීෂ් තීක්‍ෂණ ඇතුළු ක්‍රීඩකයන් රැසක් ද එම අවස්ථාවට එක් වුණා.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...