ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ජානු ටෙලි නාට්‍යයේ ජානු චරිතයට පණ පොවන කවිහාරි හපුතන්ත්‍රි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබෙනවා.
ඒ ජානු නාට්‍යයට රේටින්ස් අඩු වෙමින් යන විට එම නාට්‍යයේ ඇඳුම් නිර්මාණ (Costume) අංශයෙන් ඇගේ ඇඳුම් ටික ටික කොට කරන බවයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ යූ ටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
එමෙන්ම මෑතක දී ත්‍රීවිලයක් ඇතුළත අතවරයට ලක්වූ නවක නිළියක් ලෙස හැඳින්වූ සිදුවීම ගැනත් ඇය අනාවරණයක් කර තිබෙනවා.
“එදා ජානු එකේ ඉවෙන්ට් එකක් තිබුණා. හොඳටම වැස්ස දවසක්. හවස 6.00 ට විතර PickMe එකක් දැම්ම. කාර් තිබ්බෙ නෑ වැස්ස එක්ක. තිබ්බෙ ත්‍රීවිල් විතරයි. ත්‍රිවිල් එකත් කලු පාටයි. වැස්ස නිසා දෙපැත්තම කවර් කරල තිබුණෙ.
ත්‍රීවිල් එකට නැග්ග ගමන් ඒ මනුස්සයා ඇහුව මේ ඔයාගෙ ගෙදර ද කියලා. එහෙම අහන්නෙ නෑනෙ. මං කිව්ව ඔව් කියලා. ටික දුරක් ගිහින් ඇහුව වැස්සනේ අපි ටිකක් නතර කරල ඉඳන් යන්ද කියලා. මං කිව්ව මට බෑ මට පරක්කුවෙලා තියෙන්නෙ කියලා. ඒ නිසා මාව ඉක්මණට අරන් යන්න කියලා.
ඊටපස්සෙ මගෙන් ඇහුව ඔයා මේ යන පාර දන්නව ද කියලා. ඒ පාර මට තේරුණා අනම් මනම් දේකට තමා එන්නෙ කියලා. ඊට පස්සෙ මං ඉක්මණට ලයිව් ලොකේෂන් ෂෙයාර් කරා ජානු එකේ ප්‍රොඩක්ෂන් මැනේජර්ටයි මගේ හොඳම යාලුවෙක්ටයි. ඒ දෙන්නට මැසේජ් දැම්ම මේ මනුස්සය එක එක ප්‍රශ්ණ අහනවා වැස්ස නිසා මට බහින්නත් බෑ. මට පරක්කුත් වෙලා තියෙන්නෙ කියලා. ටික දුරක් ගිහින් ආයෙ ඇහුව නතර කරල යමු ද කියලා. මං බෑකියලා මගේ හොඳම යාලුවට කෝල් එකක් ගත්තා. කෝල් එක ගන්නවත් එක්කම ඇතුල් පාරකට දාල ටුක් එක නතර කළා. මං වෙව්ලනවා. තනියෙන්නෙ ත්‍රීවිල් එක ඇතුලේ.
මගේ යාලුව කිව්ව කවර් කරල තියෙන එක පැත්තක් අරින්න කියලා. මං ඒ මනුස්සයගෙන් ඇහුව ඔයා ඇයි මේක නතර කළේ කියලා. එහෙම කියනවත් එක්ක ඒ මනුස්සයා පිටිපස්සට ඇවිත් මට කරදර කරන්න ගත්‍තා. එයා චූටියි. මං උස මහතයිනේ. එයාට මාත් එක්ක හැප්පෙන්න බෑ. මට පුළුවන් උපරිමයෙන් මං ත්‍රීවිල් එක ඇතුළෙ දැඟලුවා. ඊට පස්සෙ එයාව තල්ලු කරල මං ත්‍රීවිල් එකෙන් එළියට පැන්නා. එළියට පැනල දිව්ව.
මගේ අතේ ෆෝන් එක තිබ්බා. ඒත් බෑග් එක ගන්න බැරිවුණා. බෑග් එක ඇතුළෙ මගේ අයිඩී ගෙදර කී එක පවා තිබ්බා. පික් මී එකේ වැඩ කරාට ඒ මනුස්සයා අල්ලස් හා දූෂණ එකේ වැඩ කරන කෙනෙක්. ඒ මනුස්සයා ලෝයර් කෙනෙක්. තාම නඩු යනවා.
බෑග් එක හම්බවුණේ නෑ. එයා පොලිසියට කියනවලු මං සල්ලි දෙන්න බෑ කියලා ත්‍රීවිල් එක ස්ලෝ කරාට පස්සෙ එළියට පැනල දිව්ව කියලා. මෝඩ මනුස්සයෙක්. මොකද මං පේමන්‍ට් එක දාල තිබ්බෙත් කාඩ් පේමන්ට් එකක්.”