මිනිහෙක්ගෙ ආදරේ දවසක ඉවර වෙනවා. දුශේනිගෙන් මගේ ආදරේ ඉවර වේවි – සචින් ලියනගේ

දුශේනි මියුරංගි, සචින් ලියනගේ ආදරය දැන් කාටවත් රහසක් නෙවෙයි.

පුංචි තිරයෙන් බොහෝ දෙනෙක්ගෙ ආදරය දිනාගත්තු ඔවුන් දෙන්නම මේ දිනවල සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ලා ඉන්නවා. ඒ සිංහබාහු සහ විසල් ආදරේ කියන චිත්‍රපට දෙකෙන්.

සචින් රංගනයෙන් දායක වන විසල් ආදරේ චිත්‍රපටයේ Premiere එකේ දි සචින් දුශේනිගෙ ආදරේ එළියට දැම්ම කල් වැඩි නැද්ද කියලා සමාජ මාධ්‍ය නාළිකාවකින් ඇහුවම සචින් දුන්නෙ මෙහෙම උත්තරයක්.

“ආදරය හංගන්න ඕන කියල මං හිතන්නෙ නෑ. සුපිරි නළුවෙක් වුණු ශාරුක් අතිශය සාර්ථක වුණේ විවාහයට පස්සෙ. ඒ වගේම ආදරණීය ඕඩියන්ස් එකක් අපටත් ඉන්නවා. ඒ නිසා නිර්මාණයක් රසවිඳින්න කෙනෙක් විවාහකද කෙල්ලෙක් ඉන්නවද මොනවගේ ප්‍රශ්ණ ගොඩකද ඉන්නෙ කියන එක වැදගත් නෑ. ඒ නිර්මාණය විඳින්න පුළුවන් ක්‍රවුඩ් එකක් අපට ඉන්නවා.අපි දෙන්නට ඒ දේ පාඩුවක් වුණේ නෑ.

ඒ වගේම මිනිස්සුන්ගේ ආදරේ අවසන් වෙනව කියලත් සචින් කියනවා.

“මං හිතන්නෙ මිනිස්සුන්ගේ ආදරේ ඉවර වෙනවා. ඒ ඉවර වුණාට පස්සෙ ආයෙ ඒ ආදරේ එන්නෙ නෑ. මං හිතන්නෙ මං උපරිමය දෙන ආදරය මේක වෙයි. ඊට පස්සෙ මගේ ආදරේ ඉවරවෙයි. මං හිතෙන්නෙ නෑ ඒක ආයෙ පිරෙයි කියලා. එහෙමම ජීවිතේ කාලෙම ඉඳී ගොඩක් වෙලාවට. මං දන්නෙ නෑ මෙයාත් එක්ක ගොඩක් දුර යන්න මං බලන් ඉන්නව.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...