ෂාරුක්ගේ Jawan චිත්‍රපටයට ගිය ලංකාවේ කෙල්ල

“මධුහංසි හසින්තාරා” උපාධි ලෝගුවෙන් ෆොටෝ ෂූට් එකක් කරලා සමාජ මාධ්‍යවල ගොඩක් කතාබහට ලක් වුණා මතකද?

ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ උපාධිධාරිනියක්.

මේ දවස්වල ලෝකය පුරා අතිසාර්ථකව තිරගත වන Jawan චිත්‍රපටයට ඇය රංගනයෙන් දායක වෙලා. පහු ගිය කාලේ ඇය ෂාරුක් ඛාන්ගේ Jawan චිත්‍රපටයේ රූ ගත කිරීමකට ඉන්දියාවට යනවා කියලා දැම්ම පෝස්ට් එකක් නිසා ගොඩක් අය ඇයව හාස්‍යට ලක් කරලා තිබ්බා.

ඒ වගේම ෂාරුක් ගේ අලුත්ම චිත්‍රපටයේ රමයියා වස්තාවයයියා ගීතයේ රූගත කිරීමක් අතරතුර කියලා ඇය ෆේස්බුක්වලට එකතු කරපු ඡායාරූපවලටත් සමහරු හිනා වුණා.

ඇය ඇත්‍තටම ජවාන් චිත්‍රපටයේ ඉන්නව කියල කිව්වම ඒ කවුරුත් පිළිගත්තෙ නෑ. කුඩා කොටසක වුණත් ඒක ඇය ලබපු ලොකු ජයග්‍රහණයක්. ඇයට ඒ අවස්ථාව ලැබුනේ කොහොමද කියන එක තාම දැනගන්න ලැබිලා නෑ.

තමන් දකින මොනයම් හෝ හීනයකට යන්න ඇය අරන් තියෙන ඒ උත්සහය ගොඩක් වටිනවා. හීන වලට හිනා වුණාට සමහර හීන කෙළවර වෙන්නෙ නොහිතන තැන්වලින් කියන එක අමතක කරන්න හොඳ නෑ.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...