“Jawan” චිත්‍රපටයේ තමා අභිබවා දීපිකා මතුවීම ගැන නයනතාරා අමනාපයෙන්

Jawan චිත්‍රපටයේ ඇයගේ චරිතයට කරන ලද අඩු සැලකිල්ලක් හා දීපිකා පදුකෝන්ගේ ගෞරවණීය රඟපෑම විශාල ලෙස පෙනෙන පරිදි සකස් කර තිබීම නිසා කොලිවුඩ් නිළි නයනතාරා (Nayanathara) අධ්‍යක්ෂ ඇට්ලී සමඟ අමනාපකමක් ඇති කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොලිවුඩ් සහ බොලිවුඩ් එක් කළ රංගනයක් ලෙස Jawan හි ඇගේ රංගනය ප්‍රේක්ෂකයින් සහ විචාරකයින් විශ්මයට පත් කළ බව නිසැකයි. එහෙත් ඇය චිත්‍රපටයේ ඇගේ චරිතය මතු කිරීම පිළිබඳ සෑහීමකට පත්ව නැති බවයි වාර්තා වෙන්නේ.

චිත්‍රපටයේ ඇගේ චරිතය කපා හැරීම නිසා ඇය ඇට්ලී සමඟ දැඩි ලෙස අමනාප වී ඇතැයි වාර්තාව පවසනවා. එහි දීපිකා පදුකෝන්ගේ චරිතය ඉහළට ඔසවා ඇති අතර, නයන්තාරාගේ කොටස සැලකිය යුතු ලෙස පසෙකට දමා ඇතැයි සඳහන් වෙනවා.

දීපිකා චිත්‍රපටයේ ගෞරව රඟපෑමක් සිදු කරන බව පැවසුවත් බොහෝ දෙනෙක් එය කිසිසේත් ආගන්තුක චරිතයක් නොවන බව සඳහන් කළා.

චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර හෝ පසුව ඇය කිසිදු ප්‍රවර්ධන වැඩසටහනකට නොපැමිණිමට හේතුව ද එයම විය හැකි බවයි සඳහන් වෙන්නේ.

පසුගිය දා මුම්බායි හි පැවති චිත්‍රපටයේ සාර්ථකත්වය සැමරීමේ හමුවට ද විජේ සේතුපති ඇතුළු සියලු දෙනා සහභාගී වුවත් ඇය සහභාගී වුණේ නැහැ.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...