Jawan වියදම කෝටි 300 යි. දින නවයකින් අදායම කෝටි 735 යි – අධ්‍යක්ෂ ඇට්ලීගෙන් ෂාරුක්ට ප්‍රණාමය

වසංගතය අතරතුර බොහෝ නිෂ්පාදකයින් චිත්‍රපට සඳහා රුපියල් කෝටි 30ක්වත් ප්‍රදානය කිරීමට අකමැති වූ අවස්ථාවක ෂාරුක් ඛාන් ජවාන් සඳහා රුපියල් කෝටි 300 ක අයවැයක් අනුමත කළ බව අධ්‍යක්ෂ ඇට්ලී (Atlee) හෙළි කර තිබෙනවා.

අධ්‍යක්ෂ ඇට්ලී මේ බව පැවසුවේ චිත්‍රපටයේ අතිමහත් සාර්ථකත්වය සැමරීම සඳහා සිකුරාදා මුම්බායි හි පැවති හමුව අතරතුරදීයි.

උත්සවයට පැමිණ සිටි ඇට්ලී චිත්‍රපටයේ අයවැය ගැන විවෘතව කතා කළා.

ඔහු පැවසුවේ, “මම කොවිඩ් කාලවලදී සූම් ඇමතුමකින් චිත්‍රපටය විස්තර කළා. මම දැනගෙන හිටියා තිරගත වීම් අඩුවෙමින් පවතින බව. කෝටි 30-40 චිත්‍රපටයකටවත් කොළ එළිය පත්තු කරන්න මිනිස්සු සූදානම් වුණේ නැහැ. මමත් නිෂ්පාදකයෙක් නිසා මම දන්නවා. නමුත් සර් (ශාරුක් ඛාන්) රුපියල් කෝටි 300ක චිත්‍රපටයකට කොළ එළියක් දැම්මේ හැමෝම සැකයෙන් ඉද්දි.”

ඔහු සිනාසෙමින් පැවසුවේ, “නමුත් අපි රුපියල් කෝටි 300 කින් අවසන් කළේ නැහැ. අපි තවත් අභිබවා ගියා. නමුත් අපි දවස් තුනකින් බ්ලොක්බස්ටර් එකක් කළා. දැන් අපි දිගටම ඉදිරියට ඇදෙනවා” යනුවෙනි.

ඇට්ලී, වැඩි වූ පිරිවැය යටතේ නොසැලී සිටීම ගැන Red Chillies වෙත ස්තුතිය පුද කළ අතර, ෂාරුක්ගේ කළමනාකරු Pooja Dadlani වෙත ද විශේෂ කෘතඥතාව පළ කළා.

“එය පවුලේ අය සමඟ වැඩ කිරීම හා සමානයි,”

එහි නවවන දිනයේදී ජවාන් රුපියල් කෝටි 21ක් ඉපැයූ අතර, එහි මුළු දේශීය ශුද්ධ එකතුව රුපියල් කෝටි 410 දක්වා වුණා.

චිත්‍රපටිය ආරම්භක දිනයේ දී රුපියල් කෝටි 75 කින් ශක්තිමත් ආරම්භයක් ලබා ගත් අතර, පළමු සිකුරාදා රුපියල් කෝටි 53 ක්, පළමු සෙනසුරාදා රුපියල් කෝටි 77 ක් සහ පළමු ඉරිදා රුපියල් කෝටි 80 ක් ලබා ගත් බව වාර්තා වුණා.

මීට අමතරව, Red Chillies Entertainment අනුව එය දින නවයක් තුළ ලොව පුරා ආකර්ෂණීය රුපියල් කෝටි 735ක් උපයා ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...