ධම්මික පෙරේරා SriLankan Airlines මිලට ගන්න සූදානම්

මෙරට ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකා ගුවන් සේවය(SriLanka Airlines) මිල දී ගැනීම සඳහා ආයෝජකයින් 6 දෙනෙකු කැමැත්ත පළ කර තිබෙන බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත ගත කරනු ලබන ඒකකයේ ප්‍රකාශකයෙක් පවසයි.

මැලේසියාවේ AirAsia සමූහය, ශ්‍රී ලංකාවේ FITS Aviattion සහ Hayleys PLC, Dharshaan Elite Investment Holding (Pvt) Ltd, Sherisha Technologies Private Limited සහ Treasure Republic Guardians Limited එම ලංසුකරුවන් වේ.

සුදුසුකම් ලත් ආයෝජකයින් ඇගයීමකට ලක් කර තෝරා ගැනීම සිදු කරනු ඇත.

සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ ගණුදෙනු උපදේශකයින් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව රජයට උපදෙස් දීම දිගටම කරගෙන යන බව සඳහන් වේ.

මෙහි සඳහන් Heyles PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එහි පාලක කොටස් හිමියා වේ.

Latest News

More like this

44%ක ඇමරිකානු තීරු බද්දෙන් රැකියා 50,000ක් අහිමි වෙන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු යටතේ පසුගිය...

ධම්මික පෙරේරා තවත් ප්‍රධාන පෙළේ සමාගමක් මිලදී ගනී..

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වුණු ධම්මික පෙරේරා මහතා කොළඹ...

ඩිජිටල් සේවාවන් සඳහා 18%ක බද්දක්…. ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන...

සංචාරක ක්ෂේත්‍රයේ ආදායම සියයට 12කින් ඉහළට

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම ජුනි මාසයේදී ඩොලර් මිලියන...
error: Content is protected !!