ශ්‍රී ලංකා යුනියන් බැංකුව සම්පූර්ණයෙන් නේපාල ව්‍යාපාරිකයෙක් අතට

සිය ප්‍රධාන කොටස් හිමිකරු වන නේපාල ව්‍යාපාරික Binod Choudhary ගේ CG සමූහයේ සමාගමක් වන CG Capital Partners Pte Ltd, එහි අවසාන පාලන කොටස් හිමියා බවට පත් වූ බව ශ්‍රී ලංකා යුනියන් බැංකුව පවසයි.

සිංගප්පූරුව පදනම් කරගත් CG Capital Partners Global Pte.Ltd, පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා විසින් අනුමැතිය ලබා දීමෙන් පසුව TPG Asia VI SF Pte Ltd වෙතින් Culture Financial Holdings Ltd අත්පත් කර ගෙන ඇත. ජූනි 30 වන විට යුනියන් බැංකුවේ සියයට 70ක් මූල්‍යය අයිතිය එම සමාගම සතු විය.

ඔක්තෝබර් 24 වැනි දින ගණුදෙනු අවසන් වූ බව අධ්‍යක්ෂ මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන් බව බැංකුව පවසයි.

CG Corp Global හි සභාපති Binod Choudhary නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයට සහ යුනියන් බැංකුවට කෙරෙන ප්‍රධාන ආයෝජනයක් බවයි.

බැංකුවට ශක්තිමත් වාර්තාවක් ඇති අතර බැංකු ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථාන කරා ළඟාවීම සඳහා තවදුරටත් වර්ධනය වීමට සහ විශාල දේවල් කිරීමට බැංකුවට හැකියාව ඇති බව සමාගම පවසයි.

“යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළම පෞද්ගලික වාණිජ බැංකු අතරට පත් කිරීමට අපි උපායමාර්ගික ප්‍රවේශයක් ගනිමින් සිටිමු. මෙම වර්ධනය තවදුරටත් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් ඔස්සේ ප්‍රසාරණය වනු ඇත”

අප්‍රිකාව, නේපාලය සහ භූතානය වැනි නැගී එන සහ මායිම් වෙලඳපොලවල් වෙත යුනියන් බැංකුව ව්‍යාප්ත කිරීමේ හැකියාව ද සොයා බලන බව සමාගම පවසා ඇත.

CG Corp Global (CG) බැංකු සහ මූල්‍ය, සංචාරක, සිමෙන්ති, ජලවිදුලිය, විදුලි සංදේශ සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සඳහා ගෝලීය වෙළෙඳපොළ තුළ සමාගම් 160කට අධික සංඛ්‍යාවක් සහ වෙළෙඳ නාම 123ක් ඇති සමාගමකි. 15,000 කට වැඩි සේවක සංඛ්‍යාවක් ඔවුන් සමඟ ගෝලීයව කටයුතු කරයි.

එය ලැයිස්තුගත විශාලතම පුද්ගලික බැංකුව වන නේපාලයේ නබිල් බැංකුවේ ද විශාලම කොටස් හිමියා වේ.

Latest News

More like this

AliExpress සහ පාර්සල් ආනයනය නැවැත්වීම ගැන චතුරංගගෙන් පැහැදිලි කිරීමක්

AliExpress සහ අනෙකුත් මාර්ගගත පාර්සල් ආනයන සඳහා රජය නව...

ස්ටාර්ලින්ක් දැන් ලංකාවේ.. මස්ක්ගෙන් පණිවිඩයක්

කෝටිපති ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක්ගේ චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාව...

සියෙරා කේබල්ස් පීඑල්සී නව සභාපති ධුරය ඉෂාර නානායක්කාරට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන LOLC සමූහයේ උප සභාපති...

ඉෂාර නානායක්කාරට හිමි HNB 10% ක කොටස් ලංවා අධිපති නන්දන ලොකු විතාන මිලදී ගැනීමෙන් කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් ඊයේ...
error: Content is protected !!