ෂෙනායා වැනෝෆ් ඉවත් වීමෙන් ටෙලි නාට්‍ය දෙකක් අර්බුදයක.. – ඉවත් වෙන්න කිව්වෙ පෙම්වතා ද?

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘සල්ලි පොකුරු’ වගේම ප්‍රදීප් රසාංග පෙරේරා අධ්‍යක්ෂණය කරන ‘හිත ළඟ හිනැහුණා’ නාට්‍යවලින් ප්‍රධාන නිළිය වුණු ෂෙනායා වැනෝෆ් (Shenaya Vanhoff) හදිසියේ ඉවත් වුණා. ඉහළම රසික ආකර්ශයනයක් දිනාගත්ත නිළියක් විදියට ෂෙනායා එයාගෙ පීක් එකේ දී මේ කතා ද්විත්වයෙන් අයින් වුණ හේතුව කාටවත් හිතාගන්න බැරි දෙයක් වෙලා.

මේ නාට්‍යවලට වශී වෙලා බලපු අය කතාවටත් වඩා වශීවෙලා ඉඳල තියෙන්නෙ ෂෙනායට කියල තේරෙන්නෙ ඇගේ ඉවත් වීමත් එක්ක. හැමෝම කියන්නෙ පිංකිගේ වගේම කිරුළිගේ චරිතවලට ෂෙනායා තරම් ගැළපෙන වෙන කෙනෙක් නෑ කියලා.

සල්ලි පොකුරු පිංකිගේ චරිතයට ජනප්‍රියම දක්ෂම නිළියක් වුණු දුශේනි මියුරංගි ආවත් ෂෙනායා තරම් පිංකි ගෙ චරිතයට දුශේනි ගැලපෙන්නෙ නෑ කියලයි ප්‍රේක්ෂකයින් කියන්නේ. ඒවගේම කිරුළිගේ චරිතයට නවක නිළියක් වුණු දුනීශා පියුමි ගේන්න කටයුතු කරත් ප්‍රේක්ෂකයින්ගෙන් ඇයටත් එතරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබෙන බවයි පේන්න තියෙන්නෙ.

ෂෙනායා එච්චරට මේ චරිත දෙකට සාධාරණයක් කළා කියන එක හැමෝම වගේ කියනවා. මේ දේ එක්ක ෂෙනායට මොකද වුණේ ඇයි හදිසියේම ඉවත් වුණේ කියල හොයන්න අපිටත් හිතුණා. ආරංචි විදියට ෂෙනායගෙ හදිසි සමුගැනීමට හේතුව ඇගේ පෙම්වතාගෙ ඉල්ලීමක්.

ඇගේ පෙම්වතා විදේශයක ජීවත් වෙන බවත් ඇයව බලන්න පහුගිය කාලෙ ලංකාවට ආව බවත් දැනගන්න ලැබුණා. කොහොම හරි ෂෙනායා ඇගේ පෙම්වතා එක්ක විදේශ ගත වෙන්න බලාපොරොත්තුවෙන් රංගනයෙන් ඉවත් වුණු බවයි දැනගන්න තියෙන්නෙ.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!