අණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක.. නමට අකුරු තුනයි. ගුවන් තොටුපළෙන් ඉඩමක් අරගෙන

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ගුවන්තොටුපළේ ඉඩමක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා තිබෙනවා.

නමෙහි අකුරු තුනක් සහිත එම මන්ත්‍රීවරයාගේ ගුවන් යානාවලට ඉන්ධන ගෙනවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරයකට එම ඉඩම ලබා දී ඇති බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමිනි.

‘කටුනායක සහ මත්තල ගුවන් යානා ඉන්ධන නිකුත් කරලා විශාල ආදායමක් රටට ලැබෙනවා. මාසික ඉන්ධන ලීටර් මිලයන 13ක්, මත්තලින් ලීටර් මිලයන 3ක්, ගුවන් හමුදාවට අභ්‍යන්තර සිවිල් ගුවන් සේවා සඳහා ලීටර් ලක්ෂ 4ක් ලෙස විශාල වශයෙන් ඩොලර් ආදායමක් ලැබෙනවා.

කටුනායක ගුවන් තොටු පොළේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා දීමට ඩොලර් මිලියන 51ක් වියදම් කරලා හදලා තිබෙනවා නව තාක්ෂණික මෙවලම් සහිත පද්ධතියක්.

දැන් මේ පද්ධතිය තියෙන කොට ඔබතුමන්ලා කැනල් සහ ෆට් ඒවිශේෂන් කියන සමාගම් සඳහා තක්සේරු මිහුම් කටයුතු සිදු කරමින් පවතිනවා අලුතින් ගුවන් යානා තෙල් ලබා දීමේ ක්‍රියාවලියක් සිදු කරන්න.

ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ව්‍යාපාරික මහත්මයෙකුටත් ගුවන් තොටු පොළෙන් ඉඩමක් ලබා දීලා තිබෙනවා මේ ගුවන් යානා ඉන්ධන ගෙනල්ලා විකුණන්න, මෙයා ආණ්ඩුවේ. එතුමා තමයි ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක’

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ ඩොලර් මිලියන 20-30ක් ආයෝජනය කිරීමට හැකි හා සුදුසුකම් ඇති ඕනෑම පුද්ගලයකුට ගුවන් යානා ඉන්ධන අලෙවි කිරීමේ බලපත්‍ර ලබා දිය හැකි බවයි.

Latest News

More like this

කොළොම්බියාවේ බූරුවෙකුට බෝම්බයක් සවිකර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයි..

වයඹ දිග කොලොම්බියාවේ බූරුවෙකුට සවි කර තිබූ බෝම්බයක් පුපුරා...

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...
error: Content is protected !!