අනුරගේ දින හතර කොහෙත්ම සජිත්ට බෑ. සජිත් වැඩ – නලින් ඒ පාර කියන කතාව

යෝජිත සජිත් අනුර විවාදය සඳහා මේ වන විට ජාතික ජන බලවේගයෙන් ලිඛිතව දන්වා ඇති දිනවල දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත් එම විවාදය සඳහා සහභාගී වීමේ හැකියාවක් නැති බව එම පක්ෂයේ විවාද සංවිධායකවරයා ලෙස කටයුතු කරන නලින් බණ්ඩාර මහතා පවසා තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ඒක පාර්ශවිකව නියම කර ඇති දිනයන් හි දී සජිත් ප්‍රේමදාස මහතාට එම විවාදය සඳහා සහභාගි විය නොහැකි බවත් පාර්ලිමේන්තුව පැවැත්වෙන ඉදිරි 25 සහ 26 යන දිනයන් දෙකෙන් එකක දී මුහුණට මුහුණ හමුවී දිනයක් වෙන් කර ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ඇති බවයි ඔහු පවසන්නේ.

ජාතික ජන බලවේගය දින ලබා දී ඇත්තේ නායකයින් දෙදෙනා අතර විවාදයට පමණක් වන අතර යෝජිත ආර්ථික කමිටු අතර විවාදයට දිනයක් ලබා දී නොමැති බව ද ඔහු සඳහන් කරනවා.

“අපට නායකයෝ දෙන්නගෙ විවාදය වගේම අපේ ආර්ථික කමිටු අතර විවාදයත් ඕන. මොකද අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්ණෙ ආර්ථිකේ. අපේ අරමුණ මැයි මාසෙ මේ විවාද දෙකම අවසන් කරන එක. ඉස්සෙල්ල කරන්නෙ කෝකද කියල කතා කරල විසඳගන්න පුළුවන්. අපි ඒ දෙකටම ඔට්ටුයි” ලෙස ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

Latest News

More like this

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...

ශ්‍රී ලාංකික පොඩ්ඩෙක් ඕස්ට්‍රේලියාවේ සිදු කරන පෙරළිය

ඕස්ට්‍රේලියාවේ පිළිකා මර්දන ව්‍යාපෘතිය තුළ 9 හැවිරිදි ශ්‍රී ලාංකික...