අනුර සජිත් විවාදය මෙහෙයවීමට නීති ශිෂ්‍යයෝ පෙරට එයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදය සංවිධානය හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට නීති ශිෂ්‍ය සංගමය ඉදිරිපත් වී සිටිනවා.

රට පුරා නීති සිසුන් නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනය වන නීති ශිෂ්‍ය සංගමය ඊට අදාළ ආරාධනා පක්ෂ දෙකේම නියෝජිතයන් වෙත යොමුකර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එම සංගමයේ සභාපති නවෝද් රත්නසේකර විසින් සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරටත් ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායකට සහ එහි විධායක මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්සට මෙම ආරාධනා පත්‍ර යොමුකර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සොයා බැලීමටත්, ඒවාට ප්‍රතිචාර වශයෙන් එක් එක් පාර්ශ්ව විසින් යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්ති විමර්ශනය කිරීමටත් නීති ශිෂ්‍ය සංගමය හැකි පරිදි නීති ශිෂ්‍ය සංගමය එම විවාදය සැලසුම් කරනු ඇති බව පැවසෙනවා.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...