අපරාධකරයින්ට ලේසි වෙන්නෙ නෑ : කොළඹ නිවාස, ආයතනවල CCTV සේරම පොලිස් CCTV පද්ධතියට යා කරන මෙහෙයුමක්

රාජ්‍ය සහ පෞද්ගලික CCTV කැමරා පද්ධති පොලිස් CCTV කැමරා පද්ධතිය සමඟ ඒකාබද්ධ කරමින් අපරාධ හඳුනාගැනීම වැඩි දියුණු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මූලික අදියරේදී කොළඹ නගරයේ නිවාස ඇතුළු පෞද්ගලික ආයතනවල CCTV කැමරා 2000ක් පමණ පොලිසියේ කැමරා ජාලයට සම්බන්ධ කිරීමට නියමිතය.

මේ සඳහා උනන්දුවක් දක්වන සහයෝගය ලබා දෙන තැනැත්තන් සමඟ මෙම මුලපිරීම සිදු කරනු ලබන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. CCTV පද්ධති සහිත පුද්ගලයන් සහ පෞද්ගලික ආයතනවල කැමරා කොළඹ පොලිස් CCTV පද්ධතියට සම්බන්ධ කිරීමට උනන්දු කරන බව ද වැඩිදුරටත් සඳහන්.

දෙවන අදියර ලෙස පොලිස් කැමරා පද්ධතිය රට පුරා කැමරා සමඟ ඒකාබද්ධ කිරීමට ද පියවර ගන්නා බව වාර්තා වෙනවා.

කොළඹ නිවාසවල සහ පෞද්ගලික ආයතනවල කැපී පෙනෙන කැමරා පවතින අතර, අපරාධ වැළැක්වීම සඳහා ඒවායේ වර්තමාන බලපෑම සලකනු ලබන්නේ අවම වශයෙනි.

පොලිස් දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ CCTV කැමරා 176ක් පමණක් බව පැවසෙයි.

ඒ අනුව එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!