අබැටක් බලාපොරොත්තු නොවී මහමෙරක් තමන්ට දුන් ජැක්සන් ඇන්තනී ගැන මාධවීගේ පෙම්වතා කසුන්ගේ සංවේදී ෆේස්බුක් සටහන

ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතා අද (09) උදෑසන කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමඟ ඔහුගේ දියණිය වන මාධවී වත්සලාගේ පෙම්වතා වන අධ්‍යක්ෂ කසුන් මහේන්ද්‍ර හීනටිගල ද සිය ශෝකය ප්‍රකාශ කරමින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් එක් කර තිබෙනවා.

නව පරපුරේ තරුණ අධ්‍යක්ෂවරයකු වන කසුන් මහේන්ද්‍ර ජැක්සන් ඇන්තනී මහතාගේ රංගන කෞෂල්‍යයන් දැඩි ලෙස අගය කරන ඔහුගේ ආදරණීය රසිකයෙක් වෙනවා.

ජැක්සන් ඇන්තනි මහතාගේ මරණයට හේතු වූ අනතුර සිදුවීමට පෙර සිටම ඔහු දියණිය මාධවී මාර්ගයෙන් ඔහු ගැන දැන සිටි අතර කසුන්ගේ ඉල්ලීමක් පරිදි ඔහු රචනා කළ කන්ද උඩ ගින්දර පොත ඔහුගේ අත්සනින් ඔහු වෙත ලබාදී තිබුණා.

“කසුන් පුතාට,
අබැටක් ආපසු බලාපොරොත්තු නොවී මහමෙරක් පුදදෙන්නේ අප්පච්චී” යනුවෙන් සටහන ක් ද ඊට එක් කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

කසුන් මහේන්ද්‍ර සිය ශෝකය පළ කරමින් ෆේස්බුක් වෙත එක් කළ සටහනට එහි ඡායාරූපයක් ද පළ කර තිබුණේ මෙසේය.

පෙර පුවත්..

ජීවිතයත් මරණයත් අතර සටනින් ඉනික්බිති ජැක්සන් නික්ම යයි

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...