ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම වටවෙලා ලාල්කාන්තගේ ප්‍රකාශයට ගහද්දී හරිනි තනියම සටන් කරයි

අලුත් ව්‍යවස්ථාවක් තුළ නීතියට තියෙන ප්‍රවේශය මීට වඩා සාධාරණ ලෙස බෙදීයාම ජනතාවට ඒ සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීම පිළිබඳ සංවාදයක් සමාජය තුළ අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ(07)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඉතාමත් පටු හා අශිෂ්ඨ ලෙස තම දේශපාලන උවමනාව සඳහා ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත මහතා සිදු කළ ප්‍රකාශයකට වැරදි අර්ථකථනයක් ලබා දීමට උත්සහ කරමින් සිටින බව ඇය මෙහි දි ප්‍රකාශ කළා.

“87-89 ගැන මතක් කර කර කතා කරන එක ඵලක් නැති වැඩක්. විජේදාස රාජපක්ෂ කිව්වා අතීතයේ මරා දාපු තරුණයෙක් ගැන. කවුද කළේ කොහොමද කළේ දන්නෙ නෑ කියල. එහෙම අතීතයක් තිබුණු රටක් මේක. ඒ විදියට ලේ වැගිරුණු රටක් මේක. යුක්තියක් සාධාරණයක් තිබ්බෙ නැති රටක් මේක. එහෙම නම් අපේ නීතිය කොරියන් වෙනස් විය යුත්තේ මිනිස්සුන්ට කොහොමද සාධාරණ නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. අපි දන්නවා දරුවන් සහ ගැහැණුන් සම්බන්ධ කාරණා උසාවියකට ගියාම කොතරම් කාලයක් යනව ද කියලා නීතිය ක්‍රියාත්මක කරන්න.”

අද පාර්ලිමේන්තුවේ දී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු පිරිසක් වටවී ජාතික ජන බලවේගයේ ලාල්කාන්ත මහතා පසු ගිය මැයි දිනයේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විවේචනය කිරීම හමුවේ ඇය මේ බව සඳහන් කළා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!