ආයුධ සන්නද්ධ කැරැල්ලකටත් අපි ලෑස්තියි – ‘88-89’ මතක් කරමින් ලාල්කාන්ත කිව්ව කතාව

නැවත ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට සම්බන්ධ වීමට තමන් සූදානම් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා පවසා තිබෙනවා.

මේ බව පවසා ඇත්තේ ඡන්දෙන් ආණ්ඩු වෙනස් කිරීමට අමතරව සන්නද්ධ අරගල වලින් ද ආණ්ඩු පෙරලීමට උත්සාහ කළ අවස්ථා රටේ ඉතිහාසයේ දක්නට ඇති බව පෙන්වා දෙමිනි.

මෙරට ජනතාවට බලය මාරු කිරීම සඳහා ඡන්ද බලය පාවිච්චි කිරීම පිළිබඳව ආසියාවේ අනිකුත් රටවලට වඩා අත්දැකීම් ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගය සෙංකඩගල කොට්ඨාස සමුළුව අමතමිනි.

75 වසරක සාපයෙන් රට මුදාගෙන යහපත් රටක් ගොඩනැගීමට වන අරමුණ ජය ගැනීමට නම් රාජ්‍ය බලය ලබාගත යුතුව ඇති බවත් ඒ සඳහා සියලු ජන කණ්ඩායම් පක්ෂය වටා ඒකරාශී විය යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!