ආර්ථික අර්බුදයට පයින් ගසා මන්ත්‍රීවරුවන්ට වාහන ගේන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබේ

ජීවන වියදම දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර රට මුදල් හිඟයට ලක්ව තිබියදීත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින පරිදි සහනදායී වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාව පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පපවසනවා.

රාජ්‍ය සේවයේ විවිධ කාණ්ඩවල විධායක ශ්‍රේණිවල ලබා දී ඇති සමාන පහසුකම්වලට අනුකූලව මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතා සොයා බලන කමිටුව එවැනි බලපත්‍ර සඳහා ඔවුන් විසින් කරන ලද ඉල්ලීම ධනාත්මකව සලකා බැලූ බව පවසා තිබෙනවා.

විවිධ පක්ෂ නියෝජනය කරන සියයකට අධික මන්ත්‍රීවරුන් පිරිසක් සිය පරිහරණය සඳහා තීරුබදු රහිත වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කළා.

කාරක සභාවේ අනුමැතියෙන් පසු කථානායකවරයා මුදල් අමාත්‍යවරයා ලෙස එම තීරණය ක්‍රියාත්මක කිරීමට බලය ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.

සෑම පාර්ලිමේන්තුවකම මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දෙනවා. කෙසේ වෙතත්, 2020 මහ මැතිවරණයෙන් වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට ආර්ථික අර්බුදය සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් එහි වාසිය ලැබුණේ නැහැ.

තහනම ඉවත් කිරීමේ හැකියාව ගැන රජය දැන් කල්පනා කරමින් සිටී.

තහනම ඉවත් කළ පසු පමණක් මන්ත්‍රීවරුන්ට බලපත්‍ර ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!