ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ගැන බස් ගැමුණුගෙන් අනාවැකියක්

මීළඟ ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ හැකියාවක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ (LPBOA) ගැමුණු විජේරත්න මහතා පවසා තිබෙනවා.

ඔහු පවසන්නේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති වූ පසු ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන බවයි.

“ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වූ වහාම ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් ද නවතිනවා. එසේ නොවුණහොත් තුන්වන ලෝක යුද්ධය දක්වා ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා”යැයි ඔහු සඳහන් කර තිබෙනවා.

“අඛණ්ඩ ක්‍රියාවලියත් සමඟ නුදුරු අනාගතයේ දී තවත් ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට ඉඩ තිබෙනවා. ඉන්ධන මිල අහස උසට නඟින්න පුළුවන්, එය තුන්වන ලෝකයේ රටවලට දැඩි ලෙස බලපෑමක් කරන බව” ඔහු පවසනවා.

ලෝකය දැන් ගිනි අරන් තියෙන්නෙ. යුද්ධය පටන් අරන්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස පත් වුණොත් ලෝකයේ දැවෙන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබෙයි”

“දැන් පරක්කු වැඩියි. ඉක්මණින් හෝ පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් පත් කළ යුතුයි”

2024 ඉන්දීය මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අග්‍රාමාත්‍ය ධූරය අහිමි වනු ඇති බවට අනාවැකියක් ද ඔහු පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...