“ඇය සමඟ මා ද මියගියා” කොලිවුඩ් නළු විජේ ඇන්ටනී දියණියගේ මරණයෙන් පසු පළමුවරට කතා කරයි

කොලිවුඩ් නළු විජය ඇන්ටනිගේ දියණිය මීරා සැප්තැම්බර් 19 වනදා සියදිවි නසාගෙන මිය ගිය බව මාධ්‍ය වාර්තා කළා.

මීරාගේ වයස අවුරුදු 16 ක් වු අතර ඇගේ මරණයෙන් පසු විජේ ඇන්ටනි සිය පළමු ප්‍රකාශය X (Twitter ) ඔස්සේ බෙදා ගෙන තිබෙනවා.

ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ වාර්තාවකට අනුව, දෙමළ බසින් විජේ ඇන්ටනීගේ ප්‍රකාශය ලිහිල් ලෙස පරිවර්තනය කර ඇත්තේ, “සියලු හදවත් ඇති මිනිසුනි, මගේ දියණිය මීරා ඉතා ආදරණීය සහ නිර්භීතයි. ඇය දැන් කුලයෙන් තොර සාමකාමී ස්ථානයකට ගොස් සිටිනවා. ආගම, මුදල්, ඊර්ෂ්‍යාව, වේදනාව, දුප්පත්කම සහ පළිගැනීම නැති තැනකට. ඇය තවමත් මා සමඟ කතා කරයි” යනුවෙනි.

“ඇය සමඟ මමත් මිය ගියා. මම දැන් ඇය සමඟ කාලය ගත කිරීමට පටන් ගෙන තිබෙනවා. මම මෙතැන් සිට ඇය වෙනුවෙන් කරන කුමන යහපත් ක්‍රියාවක් වුවද ඇය විසින් ආරම්භ කරන ලද්දක්” යැයි එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සැප්තැම්බර් 19 දින අලුයම 3 ට පමණ දියණිය ඇගේ කාමරය තුළ සියදිවි නසා ගෙන තිබුණා. පසුව ඇගේ පියා විසින් අසල පිහිටි පෞද්ගලික රෝහලකට ගෙන ගිය අතර එහිදී ඇය පැමිණෙන විට මිය ගොස් ඇති බව ප්‍රකාශ වී තිබුණා.

ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන විජේ ඇන්ටනීගේ පියා ද ඔහු කුඩා කාලයේ දී සියදිවි හානි කරගැනීමකින් මියගොස් තිබෙනවා.එය ඔහුගේ ජීවිතය පුරා දැඩි කම්පනයක් ඉතිරි කරන ලද්දක් බව සඳහන්.

පෙර පුවත..

කොලිවුඩ් නළු විජේ ඇන්ටනිගේ 16 හැවිරිදි දියණිය සියදිවි හානි කරගනී

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!