ඉන්දියාවේ මාරාන්තික දුම්රිය අනතුරෙන් මිය ගිය ගණන 13ක් දක්වා ඉහළට – අනතුරට හේතුව මානව අත්වැරැද්දක්

විශාකාපට්නම් සිට රයිගාඩා බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් විශාකාපට්නම් බලා ධාවනය වෙමින් තිබූ අධිවේගී දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉරිදා ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විජය නගරම් හි දී මෙම අනතුර සිදු විය.

ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර සුන්බුන් ඉවත් කිරීම සඳහා හදිසි සේවකයින් සිය ගණනක් එම ස්ථානයේ රැඳී සිටින බව වාර්තා වේ.

නිලධාරින් පවසන ආකාරයට සහ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට “මානව අත්වැරදීමක්” අනතුරට හේතු වී ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඛේදවාචකය පිළිබඳ සිය ශෝකය ප්‍රකාශ කළ අතර තමන් දුම්රිය අමාත්‍යවරයා සමඟ සම්බන්ධ වී ඉදිරි කටයුතු අධීක්ෂණය කරන බව පවසා තිබේ.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...
error: Content is protected !!