ඊශ්‍රාලයට ඇතුළු වූ හමාස් සටන්කාමීන් ජීප්‍ රථවල නැගී නගරවල සංචාරය කරන බිහිසුණු දර්ශන සමාජ මාධ්‍යවලට නිකුත් වේ (වීඩියෝ)

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රිංගා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප රාශියකින් සමාජ මාධ්‍ය වේදිකා මේ වන විට පිරී ගොස් තිබෙනවා.

මෙම භයානක තත්ත්වය වාර්තා වන්නේ අද උදෑසන පලස්තීන ඉස්ලාමීය ව්‍යාපාරය හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කළ විශාලතම ප්‍රහාරයත් සමඟ ගාසා තීරයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට රොකට් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් පසුවයි.

තුවක්කුකරුවන් දේශසීමා හරහා ඊශ්‍රායල භූමියට ඇතුළු වීමත් සමඟ මෙම පුදුම සහගත ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තා වන්නේ.

ජීප් රථවලින් තුවක්කු කරුවන් ගම්බද ප්‍රදේශවල සැරිසරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබෙනවා.

හමාස් සටන්කාමී නායක Mohomad Deif පූර්ව පටිගත කළ කතාවකින් “වගකීමකින් තොර අදූරදර්ශී කාලය අවසන් බව සතුරාට වැටහෙන පරිදි දෙවියන්ගේ පිහිටෙන් මේ සියල්ල අවසන් කිරීමට අපි තීරණය කළෙමු. අපි Operation Al-Aqsa Flood ප්‍රකාශ කරන අතර පළමු ප්‍රහාරය පළමු මිනිත්තු 20 තුළ මිසයිල සහ ෂෙල් වෙඩි 5,000 ඉක්මවනු ඇති” බව පවසා තිබෙනවා.

විවිධ සමාජ මාධ්‍ය නාළිකාවල පුළුල් ලෙස බෙදාගත් දර්ශනවලින් පෙනී යන්නේ Camouflage attire නිල ඇඳුමෙන් සැරසී ගිනි අවි රැගෙන ඊශ්‍රායල භූමියට දේශ සීමා මායිම් ඔස්සේ එගොඩ වී සිටින ත්‍රස්තවාදීන්ගේ දර්ශන ය. හමාස් සටන්කාමීන් ඊශ්‍රායල සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ මෘත දේහයන් වීදිවලට ​​ඇදගෙන ගොස් සමරන ආකාරය ද සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...