උඩ දියලුම කඳවුරු බැඳීමේ අන්තරාය කියාදී තරුෂි කවීෂා යන්නම යයි

කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් දියලුම ඇල්ල උඩ දියලුම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ කූඩාරම් ගසා නවාතැන් ගෙන සිටියදී ඊයේ (12 දා) අලුයම 12.30 පමණ වන අලියකු පහරදීම නිසා තරුණියක් මියගොස් තවත් තරුණයකු බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතයි කොස්ලන්ද පොලිසිය පවසයි.

මාතර කැණදුර අංක 201 ලිපිනයේ පදිංචි ගම්මාචාරිගේ තරුෂි කවීෂා නමැති විසිතුන් හැවිරිදි තරුණියක් මෙසේ වන අලියෙකු පහරදීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. එහිදී වාරියපොල මාඩිල්හේන අංක 225/2 ලිපිනයේ පදිංචි කලුආරච්චිගේ ධනුෂ්ක මදුෂාන් නමැති විසිතුන් හැවිරිදි තරුණයකු මෙසේ බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම පිරිස කොස්ලන්ද දියලුම ප්‍රදේශයට පැමිණ උඩදිලුම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ කූඩාරමක් ගසා නතරවී සිටියදී මෙම වන අලි ප්‍රහාරයට මුහුණ දී ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.

මෙම පිරිස කඳවුරු බැඳගෙන අට්ටාලයක් සකස්කර රැඳී සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත. මොව්හු කොස්ලන්ද උඩදියලුම, සංචාරයක පැමිණ රාත්‍රි කාලයේ කඳවුරු බැඳගෙන සිට ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි. මෙම පුහුණුවන හෙද නිලධාරිනිය සහ ඔහුගේ මිතුරන් විනෝදවීම සඳහා හපුතලේ කොස්ලන්දට පැමිණි අවස්ථාවේ මෙම ඉරණමට මුහුණ දී තිබේ. පුහුණුවන හෙද නිලධාරිනියට පහරදුන් වන අලියා එම ස්ථානයේම ගැවසෙමින් සිට ඇත. මොවුන් සමග පැමිණි අනෙක් සියලුදෙනා වන අලියා විසින් පළවා හැර එම ස්ථානයේ රැඳී සිට ඇත.

පිටස්තර ප්‍රදේශවලින් මෙම ප්‍රදේශයට පැමිණ කෑම්පින් කිරීම කාලයක සිට සිදුවන නමුත් මේ වන විට මෙම ප්‍රදේශයට දැඩි ලෙස වන අලි තර්ජන එල්ලවී තිබීම නිසා කෑම්පින් කිරීම අවදානම් තත්වයක පැවතියද බොහෝ පිරිස් මෙම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ කූඩාරම් ගසා නවාතැන් ගැනීම සිදු කෙරේ.

මියගිය තරුණියගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණය ඊයේ (12 දා) හවස සිදු කිරීමට නියමිතව තිබිණි. බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහණ මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කොස්ලන්ද පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.

Latest News

More like this

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...

කැලණිය පන්සල අසල වේල්ලේ ජල මට්ටම උපරිමයට එයි.. අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

කැලණිය විහාරස්ථානය අසල පිහිටා ඇති හා කැලණිය ප්‍රාදේශීය ලේකම්...

චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර...