ඔය පත්‍රිකාවේ නම තියෙන්නෙ මගෙ විතරද? නවතම පැන්ඩෝරා පත්‍රිකාවේ නම සඳහන් වීම ගැන ටිරාන් අලස් කියන කතාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකුගේ නම බ්‍රිතාන්‍ය වර්ජිනියා දූපත්වල මුදල් ආයෝජනය කර ඇති බව පැන්ඩෝරා පත්‍රිකා නවතම නිකුතුවෙන් හෙළි කර තිබේ.

ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස් 2017 ජූලි මාසයේ සිට Banham Ventures Limited සහ Brompton Properties හි හිමිකරු සහ අධ්‍යක්ෂවරයා ලෙස ලැයිස්තුගත කර ඇතැයි එහි සඳහන් වේ.

මෙම පුවත සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ප්‍රශ්ණ කර ඇත්තේ අදාළ වාර්තාවේ ලැයිස්තුගත කර ඇති එකම නම තමාගේද යන්නයි. තම නම තනිකර පැවසීම තමාගේ කීර්තිනාමයට කැළැලක් ඇති කිරීමේ නිහීන උත්සාහයක් බවද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත්, තමා “යුරෝපීය දූපතක” ආයෝජන කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් අගෝස්තු 15දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කළේය.

ටිරාන් අලස් හැරුණු කොට, තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුගේ නම් නවතම පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් වෙතත්, ඔවුන් ජනප්‍රිය පුද්ගලයන් නොවන බව පැවසේ.

මීට වසර දෙකකට පෙර, 2021 වසරේ නොවැම්බරයේ දී ද පැන්ඩෝරා පත්‍රිකා මගින් මෙරට ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් පිළිබදව හෙළිදරව් කර තිබුණි.

ඔවුන් අතර, නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියාවන තිරුකුමාර් නඩේසන් යන අයගේ නම් සදහන් වූ අතර, ඒ පිළිබදව විමර්ශනය කොට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුනද, එකී වාර්තාවට සිදු වූවේ කුමක්ද යන්න මෙතෙක් වාර්තා වී නැත.

Links to the pandora papers:

https://offshoreleaks.icij.org/nodes/240552449

https://offshoreleaks.icij.org/nodes/240550426

– Island

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...