කන්ගනාගේ කණට ගහන්න හොයන පාකිස්තාන නිළිය

බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් මුණගැසී ඇයට කම්මුල් පහරක් එල්ල කිරීමට තමාට ආශාවක් ඇති බව පාකිස්තාන නිළි නවුෂීන් ෂා පසුගියදා ප්‍රකාශ කළා.

ඇය මේ බව පවසා ඇත්තේ ඇය හමුවීමට කැමති බොලිවුඩ් රංගන ශිල්පියකු පිළිබඳ ඇගෙන් විමසූ අවස්ථාවක දීයි.

ඇය පාකිස්තානය විවේචනය කරන ආකාරයත් පාකිස්තාන හමුදාව පිළිබඳ කරන ප්‍රකාශ ඇය දැඩි පිළිකුලෙන් හෙළා දැක තිබෙනවා.

“පකිස්තානය හිරිහැර කරන බව ඔබ දන්නේ කෙසේද? පාකිස්තාන හමුදාව ගැන ඔබ දන්නේ කෙසේද? අපගේ නියෝජිතායතන ගැන ඔබ දන්නේ කෙසේද? අපිම දන්නේ නැහැ, ඒජන්සි තියෙන්නේ අපේ රටේ, හමුදාව අපේ රටේ, ඔවුන් මේවා අපිත් එක්ක බෙදාගන්නේ නැහැ. ඒවා රහස් නේද?’’

අවසානයේ ඇය කන්ගනාට ප්‍රශංසා කරමින් කියා සිටියේ “දිප්තිමත් නිළියක්. ලස්සනයි, ඇය අතිශයින්ම ලස්සන කාන්තාවක්. නමුත් මට කණගාටුයි, අනෙක් මිනිසුන්ට සහ රටවලට ගරු කිරීම සම්බන්ධයෙන්, ඉතා නරකයි. ඇය අන්තවාදියෙක්” බව නවුෂීන් පවසනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...