ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව වහාම ඉල්ලා අස්විය යුතුයි – ක්‍රීඩා ඇමති

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 302 ක ලැජ්ජා සහගත පරාජයක් අත්විඳීමත් සමඟ, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වහාම ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ බ්‍රහස්පතින්දා පරාජයෙන් අහිමි වූ ලෝක කුසලානයේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ජාතික තේරීම් කමිටුව භාර ගත යුතු බවයි.

“ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට තනතුරේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔවුන් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවීම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරඟාවලියට බලපෑ බව ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තේරීම් කමිටුව සහ එහි විධායක කමිටුව තවදුරටත් ආරක්ෂා කිරීම විහිළුවක් බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අක‍්‍රියතාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කිහිපයකට බාධා එල්ල වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමෙන් අනතුරුවයි මෙම ලිපිය නිකුත් කර ඇත්තේ.

ඔවුන්ගේ ලිපියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සහ T10 ලීගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය අමාත්‍යවරයා විසින් තවමත් ලබා දී නොමැති බවයි.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!