ක්‍රිකට් ක්‍රීඩකයන් විතරක් ආදායම් බදුවලින් නිදහස් කළේ කොහොමද? GOMA ආදායම් කොමසාරිස් ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩකයින්ට පමණක් බදු සහන දී දී ඇති බවට වාර්තා පළවීමත් සමඟ එවැන්නක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සිය ස්ථාවරය වහාම රටට පැහැදිළි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

ඒ සංගමය මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කර ඇති බව කියමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපියක් සමාජ මාධ්‍යයේ සැරිසැරීම හේතුවෙනි.

එහි අන්තර්ගතය පිළිබඳව කඩිනමින් පැහැදිලි කරන ලෙස ඉල්ලමින් එම සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ සමාජ මාධ්‍යයේ හුවමාරු වූ ලිපියේ අන්තර්ගතයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආදායම බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇති බවට සඳහන්ව තිබීම විමතියට හේතුවූ බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ගේ ස්ථාවරය වූ කිසිදු පාර්ශ්වයකට හෝ කණ්ඩායමකට විශේෂිත බදු සහන ලබා නොදීමේ තීරණය මෙමගින් උල්ලංඝනය වී ඇතැයි ඔහු පවසා තිබේ.

Latest News

More like this

හොංකොංහි නිවාස සංකීර්ණයක දැවැන්ත ගින්නක්… 300ක් අතුරුදන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති...

දරුණු වධ හිංසා දී පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මරා දමයි…?

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විස්මිත පුවතක් මේ...

ලෝකයේ අඩුවෙනකොට ලංකාවේ ඒඩ්ස්වල භයානක වැඩිවීමක්

ලෝකය ඒඩ්ස් රෝගය (HIV) අඩු කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක්...