ක්‍රිකට් ක්‍රීඩකයන් විතරක් ආදායම් බදුවලින් නිදහස් කළේ කොහොමද? GOMA ආදායම් කොමසාරිස් ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩකයින්ට පමණක් බදු සහන දී දී ඇති බවට වාර්තා පළවීමත් සමඟ එවැන්නක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සිය ස්ථාවරය වහාම රටට පැහැදිළි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

ඒ සංගමය මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කර ඇති බව කියමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපියක් සමාජ මාධ්‍යයේ සැරිසැරීම හේතුවෙනි.

එහි අන්තර්ගතය පිළිබඳව කඩිනමින් පැහැදිලි කරන ලෙස ඉල්ලමින් එම සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ සමාජ මාධ්‍යයේ හුවමාරු වූ ලිපියේ අන්තර්ගතයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආදායම බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇති බවට සඳහන්ව තිබීම විමතියට හේතුවූ බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ගේ ස්ථාවරය වූ කිසිදු පාර්ශ්වයකට හෝ කණ්ඩායමකට විශේෂිත බදු සහන ලබා නොදීමේ තීරණය මෙමගින් උල්ලංඝනය වී ඇතැයි ඔහු පවසා තිබේ.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...
error: Content is protected !!