කායිවාරුකාරයින්ට විතරක් නෙවෙයි අපිටත් විවාදයට අවස්ථාවක් දෙන්න – නාමලුත් විවාදයක් ඉල්ලයි

මේ රටේ අනාගතය සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් විවාදයක් පවත්වන්නේ නම් ජනපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ වෙනුවට මේ වන විට විවාදයට ඉදිරිපත් වී සිටින්නේ හොඳම කයිවාරුකාරයින් දෙදෙනෙක් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම හොඳම කයිවාරුකරුවා තේරීමේ විවාදයකට නම් ඒ සඳහා හොඳම අපේක්ෂකයන් දෙදෙනා සජිත් හා අනුර බවත් ඔහු කියනවා.

පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ උත්සවකට පෙරේදා (20) සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ගම් මට්ටමින් දසබල සේනාව පෙළ ගස්වමින් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ඉදිරි මැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතාට උපරිම සහයෝගය ලබාදෙන බවත් මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරන බවයි.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...