කැනඩාවෙන් යළිත් ජන සංහාර චෝදනාවක් : ශ්‍රී ලංකාව සීරුවෙන්

ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණය සනිටුහන් කරන ලබන මැයි මාසයේදී කැනේඩියානු නායකයින් ජන සංහාර චෝදනා එල්ල කළ හැකි බැවින් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසනවා.

පසුගිය වසරේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ ජන සංහාර චෝදනාවන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ඇති කිරීමට හේතුවුණා.

ශ්‍රී ලංකාව ඊට ප්‍රතිචාර දැක්වූයේ කැනේඩියානු තානාපති කැඳවා විරෝධතාවක් දැක්වීමෙනි.

ශ්‍රී ලංකාව මීට පෙර විරෝධය පළ කළ ද මෙවරත් එවැනි චෝදනා නැවත සිදුවේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි උනන්දුවකින් පසුවන බව ප්‍රසිද්ධ රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් පවසා තිබෙනවා.

යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ සිදුවීම් ජන සංහාරයක් නොවන බව කැනේඩියානු ෆෙඩරල් රජය නිගමනය කර ඇතත්, කැනේඩියානු නායකයින්ට එවැනි චෝදනා එල්ල කිරීමේ ඉතිහාසයක් ඇති බවයි එම නිලධාරියා සඳහන් කර ඇත්තේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...