කොත්තුවක් 1900 යි : විදේශිකයාට පහත් ආකාරයෙන් සැලකූ ස්ට්‍රීට් ෆුඩ් හිමිකරු දැලේ

විදේශිකයෙකුගෙන් අයථා ලෙස මුදල් ලබා ගැනීමට උත්සහ කළ වීදි ආහාර වෙළෙන්දෙකු කොළඹදී අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවකට අනුව මෙම වෙළෙන්දා විදේශිකයාට කොත්තු රොටියක මිල රුපියල් 1,900 ක් බව පවසන අතර ඒ ගැන විදේශිකයා කරන විමසීමක දී ඔහුට පහත් ආකාරයෙන් බැණ වදින ආකාරය දිස් වෙනවා.

මෙම සිදුවීම වීඩියෝගත කර සමාජ මාධ්‍යවල ප්‍රචලිත වීමත් සමඟ සංචාරක අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත් කඩේ ප්‍රදේශයේ Street food නාමයෙන් ආහාර අලෙවි කරන වීදියේ දී සිදුව ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...