කොරියාවෙන් චන්ද්‍රිකා වැවට හා කිරිඉබ්බන් වැවට උඩින් පාවෙන සූර්ය බල නියමු ව්‍යාපෘති දෙකක්

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව සහ සෙවණගල කිරිඉබ්බන් වැව ආශ්‍රිතව පාවෙන සූර්ය බල නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කර ඇති අතර ඒවා 2024 ජූලි මාසය වන විට අවසන් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසා තිබෙනවා.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හවුල්කාරිත්වයෙන් සහ කොරියානු ජනරජයේ මූල්‍ය හා තාක්ෂණික සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව එම අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව සහ සෙවනගල කිරිඉබ්බන් වැවෙහි මෙගාවොට් 01 බැගින් වූ ව්‍යාපෘති දෙක කොරියානු වෙළෙඳ, කර්මාන්ත හා බලශක්ති අමාත්‍යාංශයේ තාක්‍ෂණ ප්‍රවර්ධනය සඳහා වූ කොරියානු ආයතනයේ මූල්‍ය ප්‍රදානයකින් ඉදිකරන ලද අතර එහි තාක්‍ෂණික සහය සහ ඉදිකිරීම් ක්‍රියාත්මක කර ඇත්තේ Yooshing Engineering (Pvt) Ltd., Bosung Powertec Co. Ltd. සහ Scotra Company Ltd. යන සමාගම් මගින්.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...