කොළඹට දැඩි ආරක්ෂාවක්

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඊයේ (12) රාත්‍රියේ සිට මෙම පියවර ගෙන තිබුණි.

කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක් සංවිධානාත්මකව රජයට යම් බලපෑමක් එල්ල කිරීමට සූදානම් බවට ලද තොරතුරකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් මෙලෙස කොළඹ විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග කැරළිකාරී ලෙස හැසීරීමට සංවිධානයවී සිටි පිරිසේ එම උත්සාහය මේ වනවිට ආසාර්ථක වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිට 750 දෙනෙකුගෙන් පමණ පිරිසක් කැරළිකාරී ලෙස හැසිරෙන බවට ලද බුද්ධි තොරතුරකට අනුව කොළඹ නගරයේ ආරක්ෂව තර කිරීමට ආරක්ෂක අංශ එලෙස පියවර ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ යම් සංවිධානාත්මක පිරිසක් විසින් රජයට එරෙහිව විරෝධතා දක්වමින් කැරළිකාරී ලෙස හැසීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයට පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, පෙලිස් කැරළි මර්දන ඒකකය සහ ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවන්ට අමතරව ගිනි නිවන රථද කැඳවීමට පියවර ගෙන තිබුණි.එමෙන්ම කොළඹ නිදහස් චතුරාස්‍රය අවට, කොල්ලුපිටිය මංසන්ධිය අවට සහ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව ද තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

Latest News

More like this

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...