ගාසා තීරයේ උතුරේ රෝහල් යුධ මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන බව පවසමින් ඊශ්‍රාලයෙන් එක දිගට ප්‍රහාර මාලාවක්

අන්තර්ජාල සහ දුරකතන සන්නිවේදන මාර්ග අවහිර කිරීමෙන් පසු ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරේ රෝහල් කිහිපයකට “දැඩි ප්‍රහාර” එල්ල කළ බව පලස්තීන හමාස් ඊයේ (05) පවසා ඇත.

හමාස් රජයේ මාධ්‍ය කාර්යාලයේ ප්‍රධානී සලාමා මාරූෆ් පැවසුවේ පැයකට වැඩි කාලයක් තිස්සේ රෝහල් අවට ප්‍රබල බෝම්බ ප්‍රහාර සිදුවෙමින් පවතින බවයි.

ඉරිදා රාත්‍රියේ දී යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලය විසින් වටලනු ලැබූ පලස්තීන ප්‍රදේශයේ විදුලි තුන්වන වරටත් කපා හැර ඇති බව පැවසෙයි.

මෙය සිදු වූයේ හමාස් සංවිධානය තම හමුදා මෙහෙයුම් සඳහා රෝහල් භාවිතා කරන බවට ඊශ්‍රායලය චෝදනා කිරීමෙන් පසුවය.

ඉරිදා ඊශ්‍රායල හමුදාව කියා සිටියේ යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ රෝහල්වලට යාබදව හමාස් සංවිධානයේ සැඟවුණු උමං ජාලය, රොකට් විදින සහ අණ දෙන මධ්‍යස්ථාන ජාලය හෙලිදරව් කළ බවයි. හමාස් සංවිධානය තම යුද යාන්ත්‍රණයේ කොටසක් ලෙස රෝහල් ක්‍රමානුකූලව සූරාකෑමට ලක් කරන බව ඊශ්‍රායල හමුදා චෝදනා කළේය.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...