ජංගම දුරකතනය දිනකට මිනිත්තු තුනක් පමණක් භාවිත කළොත් ඇමරිකානු ඩොලර් 55,000 ක අතිවිශාල ත්‍යාගයක් 

යුවාන් 400,000 (ඇමරිකානු ඩොලර් 55,000) ක ත්‍යාගයක් දිනා ගැනීම සඳහා සති පහක කාලයක් තුළ දිනකට මිනිත්තු තුනකට තම ජංගම දුරකථන භාවිතය සීමා කරන ලෙස පාරිභෝගිකයින්ට අභියෝග කළ චීනයේ අද්භූත වෙළඳසැලක් පිළිබඳ නිල පරීක්ෂණක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

නිරිතදිග සිචුවාන් පළාතේ අගනුවර වන චෙන්ග්ඩු හි පිහිටා ඇති වෙළඳ සැලක් මෙම තරඟය ආරම්භ කර ඇති අතර මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් එරට සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන් අතර ආන්දෝලනයක් ඇති කර තිබේ.

අභියෝගය භාර ගන්නා අයට දින 35ක් දිනකට මිනිත්තු තුනකට නොවැඩි කාලයක් තම ඩිජිටල් උපාංග භාවිත කළහොත් යුවාන් 400,000ක මුදල් ත්‍යාගයක් සහ දින 30ක් සඳහා යුවාන් 300,000ක් පිරිනැමීමට අදාළ වෙළඳ සැල පොරොන්දු වී ඇති බව එරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන Shangyou News පවසයි.

අභියෝගකරුවන්ට නගරයේ නොමිලේ හෝටල් කාමර, දිනකට ආහාර වේල් තුනක් සපයනු ලබන අතර ඔවුන්ට ඔවුන්ගේ දුරකථන රැගෙන ආ හැකි නමුත් ඔවුන්ගේ භාවිතය සමීපව නිරීක්ෂණය කරනු ඇති බවට අදාළ වෙළඳ සැල ඉදිරියේ දැන්වීමක් පළ කර ඇතැයි පැවසෙයි.

තරඟයට ඇතුළුවන්නන් යුවාන් 7,000 (ඇමරිකානු ඩොලර් 960)ක ආපසු නොගෙවන ඇතුල්වීමේ ගාස්තුවක් ගෙවිය යුතු බව ද දැන්වීමේ සඳහන් කර ඇත.

සාප්පු සේවකයෙකු Shangyou News වෙත පවසා ඇති ආකාරයට සහභාගිවන්නන්ට නීත්‍යානුකූලව බැඳී ඇති ගිවිසුමක් අත්සන් කළ යුතු වේ.

කෙසේ වෙතත් අසල්වැසියෙකු ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වන Kandu නිවුස් වෙත පැවසුවේ වෙළඳසැල මාසයක් තිස්සේ විවෘතව තිබූ බවත්, අභියෝගය පිළිබඳව මිනිසුන් විමසනු දුටු නමුත් කිසිවෙකු එය අත්සන් කර ඇත්දැයි නොදන්නා බවත් ය.

බොහෝ අය එය අත්හදා බැලීමට පෙළඹී ඇති බව පැවසුවද, බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් එය වංචාවක් යැයි සැක කරනු ලබයි.

තරඟයට සහභාගී වී දින 34 ක් වැනි කාලයක දී ඔවුන් අතුරුදන් වනු ඇති බවට වන සැකය හේතුවෙන් වැඩි පිරිසක් තරඟයට ඇතුළත් වී නැතැයි මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!