ඩයනා ගැන සොයන්නැයි නීතිපති CID එකට නියම කරයි.

හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ විසින් සිදුකර ඇතැයි අනාවරණය වන අපරාධ වැරදි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන්ට අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇයට එරෙහිව සිදුකරන විමර්ශනයන්ට අනුව යම් අපරාධමය කරුණක් සම්බන්ධයෙන් ඇයට එරෙහි සාක්‍ෂි හා කරුණු ඉදිරිපත් වන්නේ නම් චෝදනා ගොනු කර ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති උපදෙස් මගින් වැඩිදුරටත් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමැතිවරිය සම්බන්ධයෙන් පවතින පැමිණිලිවලට අදාළව ඉදිරි පියවරයන් සඳහා උපදෙස් ඉල්ලා එවා තිබූ ලිපියකට අදාළවයි.

ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමැතිවරිය බි්‍රතාන්‍ය පුරවැසියකුව සිටිමින් ශ්‍රී ලංකා පුරවැසියකු ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම, ඒ සම්බන්ධයෙන් විභාග වූ නඩුවලදී හා විමර්ශනයන්වලදී අසත්‍ය ලිපි හා කරුණු ඉදිරිපත් කිරීම, ඇතැම් කරුණු සැඟවීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන පරිදි ක්‍රියා කිරීම ආදී වූ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහි විමර්ශන සිදු කර ඉදිරි පියවරයන්ට නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර තිබුණා.

Latest News

More like this

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත මැති සභයට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත...

මක්කම වන්දනාවේ ගොස් සිදුවූ මාරක බස් අනතුරින් දිවි අහිමි වූ ඉන්දියානුවන් අතර එකම පවුලේ 18ක්…

මක්කම දේවස්ථානය වන්දනා කිරීමට ගොස් සිටියදී සෞදි අරාබියේ මෙදීනා...

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...