ඩයනා වෙනුවට මුජිබර් අද දිවුරුම් දෙයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රි ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (මැයි 10) දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය අදාළ පුරප්පාඩුව පිළිබඳ කළ දැනුවත් කිරීම අනුව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (මැයි 9) පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එම මන්ත්‍රී ධූරය සදහා සමගි ජන බලවේගය මුජිබර් රහුමාන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යෝජනා කර තිබෙනවා.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා.

Latest News

More like this

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...