ඩලස්ගෙ කොටසක් ගැලවිලාම ගිහින්

ප්‍රධාන විපක්ෂය ප්‍රමුඛ ‘සමගි ජන සන්ධානය’ පිහිටුවීමේ පළමු පියවර ලෙස සමගි ජන බලවේගය හා නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අවබෝධතා ගිවිසුමකට එළැඹී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SJB මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් මහතා පැවසුවේ ඉදිරි මැතිවරණ සහ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මාස කිහිපයක් තිස්සේ සිදුකළ සාකච්ඡා මත මෙම එකඟතාවයට පැමිණි බවයි.

ඒ අනුව නිදහස් ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී.කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙකු නව සන්ධානයට එක් වී සිටිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා නව සන්ධානයක් පිළිබඳ තොරතුරු කිසිවක් තමන් නොදන්නා බව පවසා ඇතැයි වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) කැඩී ගිය ඉහත කී දේශපාලනඥයන් ඇතුළු පිරිසක් නිදහස් ජනතා සභාව යටතේ ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට මීට පෙර තීරණය කර තිබුණා.

Latest News

More like this

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...
error: Content is protected !!