ඩොලර් මිලියන 330 ක ශ්‍රී ලංකාවේ දෙවැනි වාරිකය සඳහා මූලික IMF අනුමැතිය හිමිවේ

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඩොලර් බිලියන 3 ක ණය ලබා දීමේ වැඩසටහනේ මීළඟ ණය වාරිකය ලබා ගැනීමට මග සලසමින් ශ්‍රී ලංකාවට එහි මූලික අරමුදල් අනුමැතිය හිමිව ඇතැයි Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්‍රහස්පතින්දා නිවේදනය කළේ එහි ඊළඟ ගෙවීම ලැබීමට පෙර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ණය හිමියන් සමඟ ගණුදෙනුවක් තහවුරු කර ගැනීම ඉතා වැදගත් බව එහි සඳහන් කර තිබෙනවා.

සමාලෝචනය අවසන් කිරීම IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කිරීමෙන් පසු ඩොලර් බිලියන 3 ක මූල්‍ය ගණුදෙනුවේ දෙවන වාරිකය වෙත ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාවට ඉඩ සලසයි.

“සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති අතර ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරයි” යනුවෙන් IMF මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළඹීමෙන් පසු සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වාගෙන යාම සහ පාලන දුර්වලතා සහ දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතියක් සහ ස්ථාවර වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!