තරුණියන් රවටා නිරුවත් ෆොටෝ ගෙන්වාගත් සිසුවා අත්අඩංගුවට

ප්‍රසිද්ධ නිරූපිකාවන්ගේ නමින් වට්ස්ඇප් ගිණුම් දෙකක් සාදා නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසමින් රූමත් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් බව කියන පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය පවසයි. .

අත්අඩංගුවට ගත් සැකකරු 19 හැවිරිදි උසස් පාසල් සිසුවෙකි.

සැකකරු එලෙස උපක්‍රමශීලීව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ගෙන්වා ගෙන තිබූ රූමත්  ලාබාල තරුණියන් ගේ නිරුවත් ඡායාරූප 15 ආසන්න සංඛ්‍යාවක්   සැකකරු පරිහරණය කරන ලද පරිගණකය තුළ ගබඩා කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.     

මිනුවන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නම් භාවිතා කර ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුමක් හරහා ප්‍රසිද්ධ ආයතන වල නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා වලට කැමති රූමත් ලාබාල තරුණියන්ට අවස්ථාව ලබා දිය හැකි බව ප්‍රසිද්ධ කර ඒ සඳහා කැමති තරුණියන් කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව එම තරුණියන්ගේ නිරුවත් ඡායාරූප  උපක්‍රමශීලීව ලබාගන්නා බවට විද්‍යුත් මාධ්‍ය ආයතනයක් හරහා තොරතුරක් ලැබුණ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාර පාසල් සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!