තව පෝය දෙකයි.. – ගොවි සටනට නායකත්වය දුන් නාමල් කරුණාරත්නගෙන් අනතුරු ඇඟවීමක්

රනිල්-රාජපක්ෂ ආණ්ඩුව පවතින්නේ තව මාස දෙකක් වැනි සුලු කාල සීමාවක් බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා.

එම කාල සීමාව තුළ කිසිම ජාතික සම්පතකට අත නොතබන ලෙස ඔහු ඊයේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී පැවැත්වූ විරෝධතාවයේ දී ප්‍රකාශ කළා.

ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ප්‍රතිපත්තිය යටතේ විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනළ වැවත් ගොවි ජනතාවට අහිමි වෙන බවට ඔහු මෙහි දී අනතුරු අඟවනු ලැබුවා.

‘‘තව දවස් කීපයෙන් වෙසක් පෝය එනවා. ඊට පස්සෙ පොසොන් පෝය එනවා. පොසොන් පෝයෙන් පස්සෙ ඇසළ පෝය එනවා. ඇසළ පෝය ලබන විට ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ඇවිල්ලා අන්න එතකොට ජනාධිපතිවරණය ගැසට් වෙනවා. ඒ ජනාධිපතිවරණයෙන් මේ රට පරිවර්තනය කරන්න මාළිමාවේ ආණ්ඩුවක් ගොඩ නඟන්න මේ රටේ ජනතාව සූදානමින් ඉන්නවා.

ඒක නිසා තව මාස දෙකයි හරියට ගත්තොත් තියෙන්නෙ බලය. ඊට පස්සෙ මැතිවරණ කාල පරාසයක් එන්නෙ. ඒ කාල පරාසය තුළ වැඩිය උඩ පනින්න ලෑස්ති වෙන්න එපා” යැයි ඔහු පවසා තිබෙනවා.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...