තීන්දුව පිටුපස කුමන්ත්‍රණයක් – විපක්ෂ නායක කොටලුවෙක් – ඩයනා හෙළිදරව් කරයි

තමා අධිකරණයට ගරු කරන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුව පිළිගත නොහැකි බවත් එම තීන්දුවට හේතු කාරණා වූ දේශපාලන කුමන්ත්‍රණයක් සිදු වූ බව ඩයනා ගමගේ මහත්මිය පවසා තිබෙනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ වෛරී දේශපාලනය එම නඩු තීන්දුවෙන් පිළිබිඹු වූ බව ඇය කියා සිටියා.

“මම කාන්තාවක්.මට පමණක් නෙවෙයි මේ පහර දුන්නේ. මේ රටේ සමස්ත කාන්තාවො සියලුම දෙනාට පහර දුන්නේ. විපක්ෂ නායකයා ඇතුළු කීප දෙනා කොහේවත් යන හිඟන්නෙක් එකතු කරගෙන නඩු දාල මාව මෙතනින් අයින් කරන්න පුදුමාකාර සටනක යෙදුණා.මේක අවුරුදු හතරක් තිස්සෙ යන සටනක්.ලේසි නෑ අවුරුදු හතරක් තනි ගැහැණියක් වන මම මේ සටන අරන් ගියා.

එළැබෙන ජනජනාධිපතිවරණයේදී කොටලුවෙක් මෙන් සිටින විපක්ෂ නායකයෙක් මේ රටේ දේශපාලනය කළ යුතුයි කියල ඔබලා හිතනව නම් විතරක් ඡන්දය දෙන්නෙ.කිසිම කාන්තාවකට ගෞරවයක් නැති පුද්ගලයෙක්.මහ ලේකම් කියාගන්න පුද්ගලයත් එහෙමයි.”

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට ද තමා සූදානම් බවත් දේශපාලනය නතර නොකරන බවත් ඇය මාධ්‍ය සාකච්ඡාවක් තබමින් පැවසුවා.

Latest News

More like this

අගමැති හරිනි ඉලක්ක කර අපහාස උපහාස එපා.. රජය සාමුහිකව ඇය පිටුපසින් හිටගන්නා බව විජිත කියයි

විවිධ පාර්ශවයන් විසින් මේ වන විට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

කුමන්ත්‍රණයක් ගැන අපට සැකයක් තියෙනවා.. ප්‍රශ්නගත මොඩියුලය අපි සීල් කළා… අගමැති හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය...

වෙනිසියුලාවට එරෙහි අමෙරිකාවේ හමුදා ආක්‍රමණය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකී

අමෙරිකා එක්සත් ජනපදය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී...

හඬ නැගීම වෙනුවට නිහඬ වීම හා කෙඳිරි ගෑම තෝරාගත් නිලන්ති කොට්ටහච්චි

නිලන්ති කොට්ටහච්චි යනු ජාතික ජන බලවේගය ආණ්ඩුව නැගී ආ...