තුර්කියේ බිහිසුණු කේබල් කාර් අනතුරක් – පැය 24 ක් තිස්සේ උඩුගුවනේ සිරවූ අය බේරා ගැනීමට මෙහෙයුම්

දකුණු තුර්කියේ කේබල් කාර් මැදිරියක් කණුවක ගැටී පුපුරා යාමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිකුරාදා සවස Antalya (ඇන්ටාලියා) අසල කේබල් කාර් පද්ධතියේ ආධාරක කණුව කඩා වැටීමෙන් පසු මගීන් බිමට ඇද වැටී තිබුණා.

හදිසි සේවකයින් අතරමං වූ මගීන් ඉවත් කිරීමට උත්සාහ කරන අතරතුර මුළු කේබල් කාර් පද්ධතියම අක්‍රීය වූ බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එරට අධිකරණ අමාත්‍යාංශය මේ වන විට පවසා තිබෙනවා.

තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ ඒජන්සියට අනුව සිකුරාදා රාත්‍රිය වන විට කේබල් කාර් 16 ක රැඳී සිටි මගීන් 128 දෙනෙකු ගලවා ගෙන තිබුණා.

තවත් 43 දෙනෙකු පමණ කේබල් කාර්වල සිරවී සිටි අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට පෙර සෙනසුරාදා දහවල් වන තෙක් පැය 23 ක් බලා සිටීමට සිදු වු බවයි පැවසෙන්නේ.

හෙලිකොප්ටර් හතක් සහ විශේෂඥ කඳු නගින්නන් 500 කට අධික ගලවා ගැනීමේ පිරිසක් සෙනසුරාදා එම ස්ථානයේ රැඳී සිටි බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම කේබල් කාර් පද්ධතිය Antalya Metropolitan මහ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන අතර එමඟින් Konyaalti වෙරළේ සිට සංචාරකයින් Tunektepe කඳු මුදුනේ ඇති අවන්හලක් සහ නැරඹුම් වේදිකාවක් වෙත රැගෙන යන බව වාර්තා වෙනවා.

එහි වෙබ් අඩවියේ තොරතුරු වලට අනුව, කේබල් රථය පුද්ගලයන් හය දෙනෙකුගේ ධාරිතාවයකින් යුත් කුටි 36 කින් සමන්විත වන්නකි.

Antalya හි Tunektepe වෙත ඉහළට යාමට ඒ සඳහා සාමාන්‍යයෙන් මිනිත්තු නවයක් ගත වන බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...

තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?

වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා...

දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ

2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත...