තෙල් බෙදාහැරීම හමුදාව යටතට.. තෙල් බෙදීම අරඹයි.. වර්ජකයන් දොට්ට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාවෙන් අද (28) රාත්‍රීයේ හමුදා සහ පොලිස් ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් මුදා හැරීමට පියවර ගත් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

කොළොන්නාව නිමාවෙන් පිටත් වන සෑම ඉන්ධන බවුසරයක් සඳහාම මෙලෙස යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී ඇත.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම සඳහා ආරක්ෂක අංශවල සහාය මේ වන විට ලැබී ඇති බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාවට කලබල නොවන ලෙසය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ එහි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් ඇරඹු වැඩවර්ජනයක් හේතුවෙන් ඉන්ධන සැපයුමට යම් බාධා ඇතිවුවද එය මේ වනවිට යථාතත්ත්වයට පත්ව ඇත.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන සංචිත ප්‍රමාණවත් තරම් රටතුළ පවතින බවයි.

මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (28) පස්වරුවේ ඇතැම් ඉන්ධන පිරිවුම්හල්වල කෙටි පෝලිම් ද දක්නට ලැබුණි.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...