දිලිත් මහ විශාල සද්දයක් දමා නිල පක්ෂ කාර්යාලය විවෘත කරයි

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වන බව මීට දින කිහිපයකට පෙර නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඔහු දේශපාලනයට පිවිසෙන මව්බිම ජනතා පක්ෂයේ නිල කාර්යාලය ඊයේ (11) බොරැල්ලේ දී විවෘත කළ අතර එය ඓතිහාසික දිනයක් බවත් තමා දීර්ඝ කාල සීමාවක් සක්‍රීය දේශපාලනය පිවිසීම වෙනුවෙන් ක්‍රියා කළ බවත් ඔහු පවසා තිබෙනවා.

“මම කුඩා කල සිටම දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. ඒ මගේ පවුල් පසුබිම නිසා. මගේ පියා වාමාශික දේශපාලනයේ සක්‍රීයව සම්බන්ධ වෙලා හිටපු නමුත් ඡන්දෙ ඉල්ලපු නැති කෙනෙක්. මම අවුරුදු තිහකට වැඩි කාලයක් මගේ පාසල් ජීවිතයේ දී මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ දී විශ්වාස කළා රටක පැවැත්ම, සංවර්ධනය, අනාගතය පවතින්නේ ඒ රටෙ දේශපාලනය මත කියන එක.

ඒ අනුව විටින් විට අප විශ්වාස කළ ආකාරයට අපි නිවැරදියි කියා සිතූ ආකාරයට ඒ ඒ අවකාශයන් තුළ තීන්දු තීරණ අරගනිමින් අපට හැකි ලෙස කටයුතු කළා. මගේ හෝඩියේ පන්තියේ සිට පාසල් මිතුරන් දන්න දෙයක් තියෙනව මගේ රට ගැන තිබුණ මතවාදය වෙනස් වෙලා නෑ. ඒක තමයි ජාතිකත්ව මතවාදය”

සියලු දෙනා එකතු විය යුත්තේ ශ්‍රී ලාංකිකත්වය තුළ බවත් ඕනෑම රටක ඒ රටට අනන්‍ය ගලවාගත නොහැකි මහා සම්ප්‍රදායක් පවතින බවත් ශ්‍රී ලාංකික සභ්‍යත්වය පවතින්නේ සිංහල බෞද්ධ මූලධර්ම අනුව බව ඔහු මෙහි දී පවසනු ලැබුවා.

එමෙන්ම තමා ඇතුළු කණ්ඩායම දූෂිත රට නැවත ගොඩ නැඟීමේ දිගුකාලීන අරමුණකින් දේශපාලනයට පිවිසෙන බවයි ඔහු සඳහන් කළේ.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...