දිවයින පුරා පල්ලිවල සීනු නාද මැද පාස්කු ප්‍රහාරය සිහිපත් කරයි

විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි කළ මිලේච්ඡ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර පහක් ගත වී තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක් විසින් පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් මෙන්ම කොළඹ අධි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළ අතර, එහිදී පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබුවා.

අද උදෑසන 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණු අතර,ඉන් පසුව දිවයිනේ සියලු දේවස්ථානවල ඝණ්ඨාර නාද කිරීමටද නියමිතයි.

මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.

ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය පැවැත්වුණේ අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් එක් ව සිටියා.

එමෙන්ම අද සවස 3.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල භූමියෙන් යාච්ඤායෝගී පා ගමනක් කටුවපිටිය දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කාදිනල් හිමිපාණන් ඇතුළු සියලුම රදගුරු හිමිවරුන්, පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් සහභාගී වන මෙම පා ගමන සඳහා සහභාගී වන ලෙස සියලුම ගිහි ජනතාවටද ආරාධනා කර සිටින බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

Latest News

More like this

කොළොම්බියාවේ බූරුවෙකුට බෝම්බයක් සවිකර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයි..

වයඹ දිග කොලොම්බියාවේ බූරුවෙකුට සවි කර තිබූ බෝම්බයක් පුපුරා...

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...
error: Content is protected !!