දීපිකා පදුකෝන් ගුවන් තොටුපළේ දී කැමරාවකට පහර දීලා – ගැබ් ගැනීම සඟවන බවට චෝදනාවක්

නිවාඩුවක් ගත කර නැවත මුම්බායි වෙත පැමිණීමෙන් පසු මුම්බායි ගුවන් තොටුපළේ දී දීපිකා පදුකොන් ඇගේ රසිකයකුගේ කැමරාවකට පහර දීමක් සිදු කර ඇති ආකාරය ඉන්ස්ටග්‍රෑම් හි සංසරණය වෙමින් පවතිනවා.

ඇය මේ වන විට මාස පහක ගැබිණියක් බව සඳහන් වන අතර රන්බීර් සහ දීපිකා එළැඹෙන සැප්තැම්බර් මාසයේ මව්පිය පදවිය ලැබීමට සූදානම් බවයි සඳහන් වන්නේ.

අදාළ පහර දීම සිදු කරන වීඩියෝවේ ආරක්ෂක හා ගුවන් තොටුපළ නිලධාරීන් පිරිවරාගෙන මෝටර් රථයක් වෙත යමින් සිටින දීපිකා ඇයව කැමරාවට හසු කරමින් සිටින රසිකයකුගේ කැමරාවක් ඉවතට තල්ලු කිරීමක් සිදු කරයි.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය භාවිත කරන ඉන්දීය රසිකයින් ඇගේ මේ ක්‍රියාව අනුමත කර නැහැ.

“දීපිකා ගැන කළකිරුණා”

“ගැබ් ගැනීම සැඟවීමට කරන උත්සහයක්” “නින්දිත හා භයානක හැසිරීමක්” ලෙසයි බොහෝ දෙනෙක් එයට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ.

එයට එරෙහිව මත දක්වමින් තවත් පිරිසක් කියා සිටියේ ගර්භනී සමයේ දී ඡායාරූප ගැනීම හෝ නොකිරීම ඇයගේ කැමැත්ත බවයි. එමෙන්ම තවත් පුද්ගලයින් ඇය ගැබ් ගැන නැති බව පැවසීමට ද මෙම වීඩියෝව යොදා ගෙන තිබෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...