දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනයට 20 හැවිරිදි තරුණයා බිලිවෙයි.

දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණි අදාළ තරුණයා හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු බව පැවසෙනවා.

දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් ඊයේ (11) මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක නිරත වන බැවින් දුම්රිය රැසක් අවලංගු කරනු ලැබුවා.

මේ හේතුවෙන් ධාවනයට එක්කර ඇති දුම්රියවල මගීන් විශාල වශයෙන් ගමන් කරන බව වාර්තා වුණා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...