දුම්රිය වැසිකිළියේ බිළිඳෙකු දමා ගිහින්..

කොළඹ කොටුවේ සිටමඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වෙනි පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී අද (10) රාත්‍රී හතයි තිහට පමණ බිළිඳෙකු සොයාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
වැසිකිළියට ගිය මගියකු මෙම බිළිඳා දැක ඒ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පැමිණ මෙම බිළිඳු දරුවා ඔවුන්ගේ භාරයට ගෙන පසුව කොටුව පොලිසියට භාර දෙනු ලැබීය.

මාස එක හමාරක වයසේ පමණ පසුවන මෙම බිළිඳා නිල් පැහැති ප්ලාස්ටික් කූඩයක බහා වැසිකිළිය තුළ තබා ගොස් ඇත.

පොලිස් භාරයට ගත් මෙම බිළිඳා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ බව පොලිසිය පවසයි.

මෙම බිළිඳා වැසිකිළිය තුළ තබා ගිය අය ගැනසොයා ගැනීමට දුම්රිය ස්ථානයේ සවිකර ඇති සී සී ටීවී කැමරා පරික්ෂා කර ගෙන යන බව එම දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Photos – Mervin J Roberts

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...