නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී වල් ඌරා කිව්වෙ සජිත්ට ද?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය තවත් ඝාතනය කිරීමට ඩීල් එකක් දමා ඇති බවට සැක මතුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා තිබෙනවා.

ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වීමට නියමිතව තිබූ අනුර-සජිත් විවාදය මඟ හැරීම පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ දී නලින් බණ්ඩාර කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.

ඔහු පවසන්නේ මෙතෙක් කල් ලංකාවේ දේශපාලනයේ විහිළුකාරයෙක් සහ මෝඩයෙක් බවට පත්වී හිටි පුද්ගලයා නලින් බණ්ඩාර විසින් තවත් මඩ ඌරෙකුට සමාන කළ බවයි.

නලින් බණ්ඩාර මහතා විවාදයට සජිත් ප්‍රේමදාස සහභාගී නොවීම පිළිබඳ පවසමින් ඌරකු සහ සිංහයෙක් පිළිබඳ ජන ප්‍රවාදයේ කතාවක් ගෙනහැර පාමින් මඩ සහ අසූචි ගාගත් ඌරකු සමඟ කිසිවිට සිංහයකු විවාදයට නොඑන බවයි ප්‍රකාශ කළේ.

එහෙත් ඊයේ වනතුරුත් සජිත් ප්‍රේමදාස මහතා සහ සජබ මන්ත්‍රීන් අනුර කුමාර දිසානායක මහතාට පාසල් ඇතුළු විවිධ තැන්වල විවාදයට පැමිණෙන්නයි අභියෝග කරන ආකාරය දක්නට ලැබුණු අතර අනුර-සජිත් විවාදයකට මුල්ම යෝජනාව කරනු ලැබුවේද ඔවුන් විසිනි.

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...