නව ජනතාවදී පාලනයක් සඳහා ප්‍රබල බල හුවමාරුවකට පෙළ ගැසෙමු

වැඩ කරන ජනතාව අසීරුවෙන් දිනාගත් අයිතීන් පවා දිනපතා උදුරාගනිමින් සිටින දුෂ්ඨ පාලනය අවසන් කර නව ජනතාවාදී පාලනයක් නිර්මාණය කරගැනීමට වැඩ කරන ජනතාව ඇතුළු ප්‍රගතිශීලී වාමවාදී සියලුම බලවේගයන් මෙවර ජ්‍යාත්‍යන්තර මැයි දිනයේදී එක් විය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා.

ජාතික ජන බලවේගයේ මැයි දින පණිවිඩය නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ ප්‍රබල බල හුවමරුවක් සිදුවීමට නියමිත මෙම වසර හුදු මැතිවරණ වසරක් පමණක් නොවනු ඇති බවයි.

වසර 76ක වැරදි දූෂිත පාලනය අවසන් කර, රට නව ආර්ථික ක්‍රමයක් කරා, ජාතික පුනරුදයක් කරා, ගෙනයන සැබෑ ජාතික නිදහස දිනාගැනීම සඳහා මෙරට සාතිශය බහුතර ජනතාව අධිෂ්ඨානයෙන් එක්වන ඉතිහාසය අලුතින් ලියන වසරක් වනු ඇති බවයි.

මෙවර මැයි දිනයේ ජාතික ජන බලවේගයේ අරමුණත්, අධිෂ්ඨානයත් එය බව සඳහන් කර එම නිවේදනයේ දැක්වෙනවා.

රට ගොඩ නැගීම වෙනුවට තවදුරටත් ආර්ථිකය විනාශ කරමින් සිටින වර්තමාන පාලකයින් රටේ වටිනා සම්පත් විකුණා දමමින් මහජන මුදල් වංචා කරමින් හොරකම් කරමින් රට තව දුරටත් විනාශ කරමින් සිටී.නව ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුත්තේ එම තත්ත්වය පරාජය කර රට නව ආර්ථික දේශපාලන මගකට ගැනීම සඳහා බව එහි සඳහන් වෙනවා.

නිෂ්පාදනය මත පදනම් වූ ස්ථාවර, ශක්තිමත්, ආර්ථිකයක් ගොඩනැගීමත් ආර්ථිකය ගොඩනැගීමට සියලු ජනයා සහභාගි කර ගැනීමත්, ආර්ථික නිෂ්පාදනයේ ප්‍රතිලාභ සියලු දෙනාට සාධාරණ ලෙස බෙදී යන ක්‍රමයත් සකස් කිරීමත් ජාතික ජන බලවේගයේ නව පාලනයක මූලික අඩිතාලම බව එම නිවේදනයේ සඳහන්.

සියලු වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනයා සහ වාමවාදී, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, දේශප්‍රේමී සියලු බලවේගයන් ඉහත අරමුණු වෙනුවෙන් සංවිධානය වෙමින් එක්ව ඇත්වැල් බැඳ ගන්නා පෙරට එන දිනය බවට මෙවර ජ්‍යාත්‍යන්තර කම්කරු දිනය පත් කරගන්නා ලෙස ජාතික ජන බලවේගය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...